රෝග ලක්ෂණ
වැලි මැස්සා දෂ්ඨ කල වහාම හෝ මාස ගණනකට පසුව හෝ රෝග ලක්ෂණ මතු විය හැක. ප්‍රධාන වශයෙන් ශරීරය නිරාවරණය වන ප්‍රදේශයේ සමෙහි බිබිලක් ලෙස මතු වේ. මෙම බිබිල සති කිහිපයකින් මැද තුවාලයක් සහිත ගැටිත්තක් බවට පත් වේ. මෙවැනි තුවාල එකක් හෝ කිහිපයක් හෝ දැකිය හැක.
රෝගය හඳුනා ගැනීම
බොහෝ විට චර්ම රෝග වෛද්‍යවරයකු විසින් සිදුකරන පරීක්ෂාවකින් පමණක්ම රෝගය හඳුනාගත හැකි වේ. සමහර අවස්ථාවන්හි දී සමේ පටක පරීක්ෂාවක් රෝග නිර්ණය සඳහා අවශ්‍ය විය හැක.
ප්‍රතිකාර
සමහර විට ප්‍රතිකාර කිසිවක් නොමැතිවම මෙම රෝගය ස්වයං සුව වීමක් සිදු වේ.
සමහර විට විරූපී කැළැලක් ඇති විය හැක. මෙම තත්ත්වය උදා වීම සඳහා මාස ගණනාවක් ගත විය හැක. මෙම කැළැල් අවම කිරීමට සහ රෝගය පැතිරීම වළක්වාලීම සඳහා සෑම රෝගියෙකුටම ප්‍රතිකාර කරනු ලැබේ.
ප්‍රතිකාර ක්‍රම:
- ස්ටිබොග්ලුකොනේට් (Stibogluconate) එන්නත් ප්‍රතිකාරය - සතිපතා දිගුකාලීනව ලබා දීම අවශ්‍ය වේ
- ද්‍රව නයිට්‍රජන් ප්‍රතිකාරය (Liquid Nitrogen Cryotherapy)
- තාප ප්‍රතිකාර ක්‍රමය (Heat Therapy)
- මීට අමතරව වෙනත් එන්නත් හෝ ඖෂධ වර්ග හෝ අවශ්‍ය පරිදි චර්ම රෝග වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනු ඇත
රෝගය වළක්වා ගැනීම
- වැලි මැස්සා ගේ බෝ වීම හා ව්‍යාප්තිය පාලනය කිරීම
- ගෘහාශ්‍රිත පිරිසිදු භාවය පවත්වා ගැනීම
- මැස්සන් දෂ්ඨ කිරීම වළක්වා ගැනීම
- කෘමි විකර්ෂක ආලේපන/ ස්ප්‍රේ වර්ග ආලේපනය කිරීම
- කෘමි විකර්ෂණ ගල්වන ලද දැල් භාවිත කිරීම
- වැලි මැස්සා වඩාත් ක්‍රියාකාරී වන සන්ධ්‍යාව සහ අලුයම අතර කාලයේ එළිමහන් ක්‍රියාකාරකම් වලින් වැළකී සිටීම හා එම කාලය තුළ ශරීරය ආවරණය වන පරිදි දිග කලිසම් හා අත්දිග කමිස ඇඳීම
About Us
Sri Lanka College of Dermatologists
Since its inception, the Sri Lanka College of Dermatologists (SLCD) continued to function as a research, development and training ground for practitioners in the field. Leishmaniasis.lk is part of a programme conducted by the SLCD to raise the public awareness and share knowledge about Leishmaniasis disease in Sri Lanka.